දක්ෂිණ අධිවේගි මාර්ගයේ, කොට්ටාව සහ දොඩංගොඩ අතර 19 වන කිලෝමීටරයේ සිට 44 වන කිලෝමීටරය දක්වා ප්‍රතිසංස්කරණය කිරීමට රජය තීරණය කරයි.
ඒ අනුව, තෝරාගත් අවම ලංසුකරු වන මාගා ඉංජිනියරින් පුද්ගලික සමාගම වෙත ඊට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.
මෙම කොටසේ මාර්ගය අබලන්ව ඇති බවට රියදුරන් පසුගිය කාලයේ චෝදනා එල්ල කළා.
