Spread the love

නිමල් රාජපක්ෂ

කුඩා ළමුන් සහ වැඩිහිටියන්, මහත්සේ ප්‍රිය කරන සරුංගල් සමයත් සමග ගුවන් ධාවන පථ ආසන්න ප්‍රදේශවල සරුංගල් යැවීම ඉතා අවදානම් සහිත කාරණාවක් බව ගුවන් හමුදාව පවසයි.
ලොව පුරා සිදුවන ගුවන් අනතුරුවලට එක් හේතුවක් ලෙස ගුවන් ධාවන පථ සමීප ප්‍රදේශ වල සරුංගල් යැවීම බව සඳහන් කල හැකියි. මෙය ගුවන් යානා පියාසර කිරීම සඳහා සෘජුව බලපාන බාධකයක් වේ. අප රටේද කටුනායක, රත්මලාන, හිඟුරක්ගොඩ, චීනවරාය, පලාලි, කටුකුරුන්ද, කොග්ගල, වව්නියා, වීරවිල සහ මත්තල වැනි ප්‍රදේශවල ඇති ගුවන් ධාවන පථ සමීපයේ බහුලව සරුංගල් යැවීම අති අවධානම් කරුණකි.
එම නිසා කුඩා ළමුන් හා වැඩි හිටියන් ගුවන් පථ ආසන්නයේ සරුංගල් යැවීමෙන් වලකින්නැයිද ගුවන් හමුදාව ඉතා ඹ්නෑකමින් ඉල්ලා සිටී