Spread the love

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ගාල්ල සිට කඩුවෙල බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් අද (01) උදෑසන හදිසියේ ගිනිගැනීමකට ලක්ව තිබුණි

බස් රථයේ ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් කහතුඩුව අධිවේගී පිවිසුම ආසන්නයේදී එහි ගින්නක් හටගෙන තිබුණි.

කෙසේ වෙතත් ගින්න හටගැනීමට පෙර අදාළ බස් රථ රියදුරු සහ කොන්දොස්තර මහතා එක්ව මඟින් සියලුදෙනා රථයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණි. 

බස් රථය ගිනිගැනීමට ලක්වන අවස්ථාවේදී මගීන් 41 දෙනෙකුගේ බස් රථය තුළ ගමන් කරමින් සිට ඇති බව වාර්තා වෙයි.