දූෂණ හා අක්රමිකතා චෝදනා ඒල්ල වී ඇති මහනුවර පාසලක විදුහල්පතිනියක් රටින් පිටවීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.
ආරංචි මාර්ග අනුව, ඇය තමන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවෙද්දී විදේශගත වීමට උත්සාහ කරමින් සිටින බව සඳහන් ය.
මෙම විදුහල්පතිනියට එරෙහිව ප්රධාන වශයෙන් එල්ල වී ඇත්තේ පාසලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී අසාධාරණ ලෙස මුදල් අය කර ගැනීම පිළිබඳ චෝදනායි.
