නිමල් රාජපක්ෂ
මන්නාරම නරුවිලික්කුලම් වෙරළ ප්රදේශයේ, මන්නාරම විශේෂ පොලීස් ඒකකය හා එක්ව ඊයේ ( 02) සහ අද ( 03) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන 203කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ ග්රෑම් නවසිය හයකට (906) අධික තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට ශ්රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව කටයුතු කළහ.
නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් කේරල ගංජා තොගය අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ කංසා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන දෙසිය තුනකට (203) අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම කේරළ කංසා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, මුරුක්කන් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
