ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24වන සැතපුම් කණුව ආසන්නයේදී විනෝද චාරිකාවක් ගොස් යළි පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මීටර් 200ක පමණ ප්රපාතයකට පෙරළීසිදුවූ රිය අනතුරෙන් පුද්ගලයින් ගණන 15ක් මියගොස් තිබේ. .
තවත් පුද්ගලයිත් 18 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් 9 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු සිටින බව පොලීසිය පැවසීය.
පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සහ කාන්තාවන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර එම පිරිසට ළමුන් 5 දෙනෙකුද අයත් ය.
ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය කරමින් සිට ඇති අතර ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටී ප්රපාතයට පෙරළී ඇති බවය.
අනතුර සම්බන්ධයෙන් අදාළ ජීප් රථයේ රියදුරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (04) රාත්රි 9ට පමණ සිදුවූ අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරෙනු අතර මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් රැගත් බස් රථයකි.
පුද්ගලයින් මුදාගැනීම සඳහා පොලීසිය, යුද හමුදාව, ගුවන් හමුදාව,ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සහ ප්රදේශවාසින් එක්විය.
අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 30කට වැඩි පිරිසක් බස් රථය තුළ සිට ඇති බව සඳහන් ය.
කෙසේවෙතත් බස් රථය අනතුරට පත් ස්ථානයේ පැවැති දැඩි බැවුම් සහිත තත්ත්වය හේතුවෙන් පිරිස මුදා ගැනීමට දැඩි පරිශ්රමයක් දැරීමට සිදුවූ බව පොලීසිය පැවසීය.
