Spread the love

ආර්ථික අර්බුදයක් ඇතිවෙමින් පවත්නා විජය පුවත්පත් සමාගම සිය සමාගමේ තවත් පුවත්පත් තුනක් වසා දැමීමට සැරසෙන බව වාර්තා වෙයි.

මේ ගැන දැනටමත් එහි අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම් දී ඇත.

විශේෂයෙන් සමාගම වැඩිම බරක් දරන සිරිකත පුවත්පත පිළිබඳව කිසිසේත්ම සෑහීමට පත්විය නොහැකි බව අවධාරණය කර තිබේ.

ඒ අනුව අනෙක් පුවත්පත් සමග සිරිකත පුවත්පතද නවතා දැමීමට පියවර ගැනීමට නියමිතය.

පසුගියදා විජය සමාගමට අයිති අද සහ දේශය පුවත්පත් ද වසනු ලැබීය.