දුම්රියපොළ පාරේ පිහිටි ස්ථානයක බිම යට සඟවා තිබූ සුදු පැහැති කුඩු කිලෝග්‍රෑම් 100 ක තොගයක් කඳාන පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මෙම කුඩු අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදා ගන්නා බවට සැක කෙරේ.
කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අපරාධයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත. කඳාන දුම්රියපොළ පාරේ පිහිටි ඉඩමක සහ ඊට යාබද ප්‍රදේශයක තිබී මෙම කුඩු තොගය හමු වී තිබේ.
