Spread the love

බලපත්‍රයක් නොමැතිව කසළ තේ කිලෝ ග්රෑම් 3660ක් ප්‍රවාහනය කල ලොරි රථයක් සැකකරුවන් දෙදෙනෙකු සමග හැටන් පොලිසිය මගින් (07) දින අත්අඩංගුවට ගෙන ඇත.

ගම්පොළ වෙලම්බොඩ සිට තලවකැලේ දක්වා කසළ තේ ප්‍රවාහනය කරන බවට හැටන් පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින්ට ලද තොරතුරක් මත පොලිස් නිළධාරින් හැටන් මල්ලිඅප්පු මංසන්ධියේදි ධාවනය වෙමින් තිබූ ලොරි රථය නතර කර පරික්ෂා කිරිමේදි කසළ තේ ප්‍රවාහනය කිරිම සදහා බලපත්‍රයක් නොමැති බවට අනාවරණය විමෙන් පසු ලොරි රථයේ රියදුරා, රිය සහයකයා සහ ලොරි රථය සිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් කසල තේ තොගය සහ සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව වැටලීම සිදු කල හැටන් පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් පැවසීය.

හැටන් කොට්ඨාශභාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර, සහකාර පොලිස් අධීකාරි නිස්සංක ගොඩමුන්ණ සහ හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ආර්.ඒ.ඩී. සුගතදාස යන මහතුන්ගේ අධීක්ෂණය යටතේ ලොරි රථය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.