නිමල් රාජපක්ෂ
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියආරච්චි මහතා පැවති අසනීප තත්වය හේතුවෙන් නාරහේන්පිට ආසිරි රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ අභාවප්‍රාප්ත විය
ලෝක බැංකු සමූහයේ සාමාජික අන්තර්ජාතික මූල්‍ය සමූහයේ (IFC) ප්‍රාග්ධන අලෙවිකරණ අංශයෙහි උපදේශකයෙකු සහ සණස සංවර්ධන බැංකුවෙහි අධ්‍යක්ෂකවරයකු ලෙස තම වෘත්තිය ජීවිතය ගත කළ මෙතුමා නව රජය යටතේ මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා ලෙස වැටුප් නොලබා ස්වේච්ඡාවෙන් කටයුතු කළේය.
එතුමාගේ අවසන් කටයුතු හෙට (13) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිත අතර ඥාති හිතමිත්‍රාදීන්ට අවසන් ගෞරව දැක්වීමට හෙට උදෑසන 9.30 සිටි ජයරත්න මල් ශාලාවේ දේහය තැන්පත් කරනු
