Spread the love

විදුලි සේවකයන් වැඩ වර්ජනයකට යාම තමන්ට අදාළ කාරණාවක් නොවන බව කඩුවෙල නගරාධපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.

වර්තමාන ආණ්ඩුව රටේ රාජ්‍ය දේපළ විකුණන්නේ නැති බව සහතික නිසා තමන් තම සටන අවසන් කළ බවද හෙතෙම කියා සිටියි.

රාජ්‍ය ආයතන කිසිවක් ආණ්ඩුව විකුණන්නේ නැති නිසා කිසිවකු සටන් කළ යුතු නැති බව නැතැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

කඩුවෙල නගර සභාවේදී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ අදහස් පළ කරන ලදී.

ඔහු කලින් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කලේය.