Spread the love

නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා නාවික හමුදාව, හලාවතට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදීපසුගියාද ( 12) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් හයසිය අසූවක (1680) පමණ තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල නෞකාව මඟින් හලාවතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයයේ සිදුකල මුර සංචාරයකදී, එම මුහුදුප්‍රදේශය ඔස්සේ ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාව කිරිමේදී මෙම ඩීඩි කොළ තොගය සොයා ගැනීමට හැකිවී තිබේ.

තවද, නාවික හමුදා භාරයට ගත් සැක කරුවන් දෙදෙනා කල්පිටිය ජනසවිපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන්, බීඩි කොළ තොග‍ය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු විශේෂ ඒකකය වෙත භාරදීමට කටයුතු කෙරිණි.