නිමල් රාජපක්ෂ
යාපනය මාමුනෛයි මුහුදු ප්රදේශය ආශ්රිතව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන හතත් (07) වටිනා කේරළ කංසා තොගයක් පසුගියදා නාවික හමුදා භාරයට ගෙන ඇත.
මෙසේ සිය භාරයට ගත් කේරළ කංසා තොගයේ කිලෝ ග්රෑම් තිස්තුනකට (33) අධික තොගයක් (තෙත බර සහිතව) තොගයක් තිබුබව නාවික හමුදා පවසයි.
උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේනී නාවික ස්ථානගත කිරීම මඟින් මාමුනෛයි මුහුදු ප්රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්රදේශයේ පාවෙමින් තිබූ සැකකටයුතු උරයක් (01) පරීක්ෂාවට ලක්කර, එම උරය තුල අසුරා තිබූ කේරල කංසා කිලෝ ග්රෑම් තිස්තුනකට (33) අධික තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැක කෙරෙණ,
නාවික හමුදා භාරයට ගත් එම කේරළ කංසා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මරුතන්කේනි පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
