මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩාවැටී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ අනතුරකින් අපවත් වූ භික්ෂූන් වහන්සේලා සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ එම ඩක්කුවේ භික්ෂූන් වහන්සේලා 13ක් සිට ඇති බවත් ,බරපතළ තුවාල ලැබූ හිමිවරු මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් කර ඇත.
