Spread the love

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය (NBRO) පවසයි.

ඒ අනුව, කළුතර, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර තිබූ දෙවැනි මට්ටමේ (Level-2) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇත.

මීට අමතරව, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර තිබූ පළමු මට්ටමේ (Level-1) නායයෑම් අනතුරු ඇඟවීමද දීර්ඝ කළ බවයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.