Spread the love

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (28) පැවැති අවසන් මහා තරගයේ ජය තහවුරු කර ගැනීමට ඉන්දියාවට ලකුණු 147 ඉලක්කයක් හිමිවෙයි

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 19.1කදී සියලුදෙනා දැවී ලකුණු 146ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව ආසියානු ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ඉන්දියාවට ලකුණු 147ක ඉලක්කයක් හිමිවිය.

පාකිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් රැගෙන ඒමට සහිබ්සාඩා ෆර්හාන් හා ෆකර් සමාන් සමත් වූ අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට පන්දු 58කදී ලකුණු 84ක් රැස්කිරීමට සමත් විය.

කෙසේ නමුත් එහිදී පන්දු 38කින් ලකුණු 57ක් රැස්කළ ෆර්හාන් දැවීයාමත් සමග පාකිස්තාන ඉනිමේ කඩාවැටීමට ආරම්භ විය.

එතැන් සිට ලකුණු 62ක් තුළ පාකිස්තාන සියලුම පිතිකරුවන් දැවී ගියේය.