අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ක්‍රිස්තු දේවස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පසුව හටගත් ගින්නෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර යි.
දේවස්ථානයේ දේව මෙහෙය පැවැත්වෙන අවස්ථාවේදී මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු එහි තිබූ වාහනයක් අනතුරට පත් කර පසුව වෙඩි තැබීමට පටන් ගෙන ඇති බවත් සැකකරු විසින් හිතාමතාම දේවස්ථානයේ ගින්නක් ඇති කර ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් වේ.
වෙඩි තැබීමට පැමිණි සැකකරු 40 හැවිරිදි තෝමස් ජේකබ් නම් අයෙකු වන අතර පොලීසිය සමග සිදුවූ වෙඩි තැබීමකින් සැකකරුද ජීවිතක්ෂයට පත්ව තිබේ.
සැකකරු මැරීන් බළකායේ ප්‍රවීණයෙකු ලෙස අනාවරණය වී ඇති අතර ඔහු විසින් සිදුකළ මෙම ප්‍රහාරය කුමන අරමුණක් යටතේ සිදු කළේද යන්න තවමත් අනාවරණය වී නොමැත.
මේ අතර ඇති වූ සිද්ධියත් සමග එක්සත් ජනපදයේ ආගමික ස්ථානවල ආරක්ෂාව තර කිරීමට එක්සත් ජනපද ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.
අ
