Spread the love

වප් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් දොලුව ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේ සිල් සමාදන්ව සිට පාර මාරුවෙමින් සිටි කාන්තාවන් තිදෙනෙක් ගම්පොල – දොලුව ප්‍රදේශයේදී අද (06) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වී ඇත.

ජීවිතක්ෂයට පත්වූ කාන්තාවන් තිදෙනා විහාරස්ථානයේ සිට පාරෙන් අනෙක් පස පිහිටා ඇති වැසිකිලිය වෙත යාම සදහා ගිය අවස්ථාවේදී මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

අදාළ මෝටර් රථය පදවා ඇත්තේ කාන්තාවක් වන අතර, ඇයද අනතුරින් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

මියගිය කාන්තාවන් තිදෙනා 67 සහ 70 හැවිරිදි වියේ පසුවන අතර, ඔවුන් දොලුව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවටයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ කාන්තාව 56 හැවිරිදි වියේ පසුවෙයි. .

මෝටර් රථය පැදවූ කාන්තාවට තාවකාලික රියදුරු බලපත්‍රයක් පවතින බවයි පොලිසිය සදහන් කළේ.