ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් යාත්‍රාවක් තුළ සඟවා රැගෙන එමින් සිටි පරවියන් 149 දෙනෙකු කල්පිටිය ප්‍රදේශයේදී නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.
මෙම සත්ත්වයින් ඉන්දියාවේ රාමේෂ්වරම් හෝ ආසන්න ස්ථානයක සිට මෙරට මුහුදු සීමාවට රැගෙන ඒමෙන් පසුව මෙම ධීවර යාත්‍රාවට ලබා දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාළ යාත්‍රාවේ ක්‍රියාකරු සහ තවත් අයෙකු ද නාවික හමුදා විසින් සිය භාරයට ගෙන ඇති අතර පරවියන් 149 දෙනා වනජීවි නිලධාරීන්ට භාර දී ඇත.
කෙසේවෙතත් සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම එක් පරවි ජෝඩුවක් රුපියල් 50,000ත් 100,000ත් අතර මුදලකට අළෙවි කිරීමට සුදානමින් සිට ඇති බවය.
