දිවයිනට ඇද හැලෙන ධාරානි පාත වර්ෂාව හේතුවෙන් රාජාංගණය ජලාශයේ වාන් දොරටු හයක් අඩි හයකින් විවෘත කර ඇති අතර, ඉන් තත්පරයට ඝන අඩි 8,352ක මුළු ජල ප්රමාණයක් මුදා හරින බව බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
අංගමුව ජලාශයේ වැවේ වාන් දොරටු දෙකක් අඩි පහ බැගින් විවෘත කර ඇති අතර, තත්පරයට ඝන අඩි 2,994ක් ජල ප්රමාණයක් මුදා හරී.
පවතින අධික වර්ෂාපතනය හමුවේ රාජාංගනය ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට ඊයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.
වර්ෂාපතනය සමග එම ජලාශවල ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යන බැවින් මෙම පියවර ගත් බවයි වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පැවසුවේ.
