Spread the love

නිමල් රාජපක්ෂ
උඩරට දුම්රිය අද සුපුරුදු ධාවනය කරන බව දුම්රිය දෙපාර්තුව පවසයි.
පසුගිය දින පැවති අධික වර්ෂාව සමඟ බලන හා ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය ස්ථාන අටකින් සහ කඩිගමුව හා ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථාන අතර මාර්ගය ස්ථන දෙකකින් දුම්රිය මාර්ගය දෙපස භූමිය සෝදා යෑමට හා නායා යෑමක් සිදුවීම හේතුවෙන් පසුගිය 19 වන දින සිට උඩරට දුම්රිය ගමනාගමන කටයුතු වලට බාධා සිදුව තිබුණී.

දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග අංශයේ නිලධාරීන්ගේ හා යුද හමුදාවේ සහය ද ඇතිව එම මාර්ගය යළිත් ගමනාගමන කටයුතු අද සිට ආරම්භ කිරීමට මේ වන සිට හැකිව ඇත.

දුම්රිය මාර්ගය සෝදා යෑමට හා නාය යෑමට ලක්වූ ස්ථාන වලට දුම්රිය ධාවනය සඳහා වේගය සීමා කොට ධාවනය කිරීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කොට ඇත.

ඒ අනුව මහනුවර සිට පොල්ගහවෙල බලා ධාවනය වූ දුම්රිය පෙරවරු 03.55 ට ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානයේ සිට පොල්ගහවෙල බලා ධාවනය විය.

මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 04.30 ට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රිය පෙරවරු 05.30 ට ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා ධාවනය වූ අතර මෙම සිදුවීම නිසා උඩරට මාර්ගයේ දුම්රිය ගමන්වාර 60ක් සම්පූර්ණයෙන් අවලංගු කිරීමට සිදුවිය.