නිමල් රාජපක්ෂ-
‘යුධ සමයේ අහිමි වූ ජීවිතවලට වඩා වැඩි සංඛ්‍යාවක් මාර්ග අනතුරු නිසා දෛනිකව රටට අහිමි වෙනවා. අපේ සුපරීක්ෂාකාරීත්වය තුළින් මේ අහිමිවීම්වලින් සැළකිය යුතු සංඛ්‍යාවක් වළක්වා ගන්න පුලුවන්. මධ්‍යම, සබරගමුව, ඌව යන පළාත්වල කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව සිදුවන අනතුරුවල වැඩිවීමක් දකින්න පුලුවන්. මේ අනතුරු අඩුකිරීම සඳහා මාර්ග ආරක්ෂාව වෙනුවෙන් මැදිහත්වන මෙන් බිමල් රත්නායක අමාත්‍යතුමා විසින් කරන ලද ඉල්ලීමකට අනුව ජාතික ලොතරැයි මණ්ඩලය රුපියල් මිලියන දෙකහමාරක මුදලක් ඇල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මාර්ග ආරක්ෂණ ක්‍රියාවලිය වෙනුවෙන් ලබාදීමට කටයුතු කිරීම පැසසිය යුතු කරුණක්.‘
ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙම අදහස් පළකළේ ‘තවත් ටිකක් පරිස්සමින්’ මාර්ග ආරක්ෂණ ව්‍යාපෘතිය සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රාහක දායකත්වය ලබාදීම සඳහා අද (23) දින බත්තරමුල්ල, කොස්වත්ත පිහිටි මහාමාර්ග අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේදී පැවති උත්සව සභාව අමතමිනි.
ඇල්ල ප්‍රාදේශීය සභාව වෙනුවෙන් එහි සභාපති වෙනුර මලින්ද දිසානායක මහතා සහ ජාතික ලොතරැයි මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති එම්. ඩී. සී. ඒ. පෙරේරා මහතා මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කළහ.
මෙහිදී අදහස් දැක්වූ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්. ඩී. සී. ඒ. පෙරේරා මහතා : ‘අපි ලොතරැයි පත් අලෙවියෙන් ලබන ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් ත්‍යාග වශයෙන් ලබාදෙනවා. ඒ වගේම මහා භාණ්ඩාගාරය සහ වෙනත් රාජ්‍ය අරමුදල්වලට මුදල් ලබාදීමෙන් රටේ සෘජු සංවර්ධනයට දායක වෙනවා. කෘෂිකර්ම, සෞඛ්‍ය, ක්‍රීඩා අංශ ඒ අතර ප්‍රධානයි. ඒ වගේම සමාජ වගකීම් ඉටුකිරීම අපේ මූලික සේවාවක්. ඒ යටතේ මාර්ග ආරක්ෂාව වෙනුවෙන් ප්‍රථම වතාවට තමයි අපි අරමුදල් ලබාදෙන්නේ.’
