නිමල් රාජපක්ෂ
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කරමින් සිට සේවයෙන් ඉවත්කර ඇති රියදුරුකු විසින් ඊශ්‍රායලයේ රැකියා ලබා දෙන බව පවසා සිදුකල මහාපරිමාණ වංචාවට සම්බන්ධව අවිස්සාවේල්ල ප්‍රෙද්ශයේ දි පසුගියදා (25) අත්අඩංගුවට පත්වු කාන්තාව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (27) ඉදිරිපත් කිරිමෙන් අනතුරුව නොවැම්බර් මස 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේසත්රාත්වරයා නියෝග කොට තිබේ.
වංචාකරන ලද මුදල් බැර කළ බැංකු ගිණුම් හිමි කාන්තාව කාර්යාංශයේ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී එම කාන්තාව අදාළ රියදුරු සමග සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය විය.
අදාල රියදුරු මේ වන විට විමර්ශ නිලධාරීන් මඟ හරිමින් සැගවී සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් පුලුල් විමර්ශන මෙහෙයවයි. මෙයට සම්බන්ධ තවත් සැකකරුවන්ගේ තොරතුරු අණාවරණය වෙමින් තිබේ.
විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක විම සදහා කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට අනුයුක්තව විශේෂ පොලිස් ඒකකයක් පසුගියදා පිහිටුවන ලද අතර මේ වන විට එම ඒකකයට පැමිණිලි අඛණ්ඩව ලැබෙමින් පවතින බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි. අදාල පැමිණිලි සම්බන්දව එම ඒකකය විමර්ශන මෙහෙයුම් දියත් කරමින් සිටි.
