දේවින්ද පිණිදිය
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 40 වන සංවත්සර සැමරුම අද (15) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
එහි දී විදේශ රැකියා සේවා සපයන්නන් ඇගයීමටත්, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන් වෙත අධ්‍යාපන කටයුතු සඳහා මූල්‍යමය ආධාර ලබා දීමත්, විදේශ රැකියා නිමකර නැවත මව් රටට පැමිණි පිරිස් සඳහා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව ආධාර ලබාදීමත් සිදු කරනු ලැබුණි.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා , ඇතුළු ඇමතිවරුන් සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතා ඇතුළු ඉහළ නිලධාරීන් ද එක්ව සිටියහ.
