Spread the love

නිමල් රාජපක්ෂ –

පස්කදු කඩා වැටීම හේතුවෙන් මෙතෙක් ධාවනය ඇන හිට තිබු උඩරට දුම්රිය මාර්ගය අද සිට යළි දුම්රිය ධාවනයට එක්කොට ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

ඒ අනුව අද සිට කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අද සිට ධාවනය කෙරෙනු ඇත.

ඔහිය හා ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගය වෙත පසුගිය දින පස් හා ගල් පෙරලී කඩා වැටීම හේතුවෙන් තිබු මාර්ග අවහිරය අවසන් කොට ඇති අතර බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ද ධාවනය කිරීමට කටයුතු යොදා ඇතැයිද දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.