පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසලක් මතට පස් කන්දක් කඩා වැටීමේ අනතුරෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් ඇති බව මාවනැල්ල මූලික රෝහලේ අධ්යක්ෂවරයා පවසයි.
සිව් දෙනෙකුගේ මෘත දේහයන් මුලින් සොයාගත් අතර, සුන්බුන් අතර සිරවී සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ මෘත දේහයන් මීට මුළු මොහොතකට පෙර හමුවිය.
එමෙන්ම, අනතුරින් තුවාල ලබා 05 දෙනෙකු රෝහල්ගත කෙරිණ.
මේ සමඟම අදාල ස්ථානයේ සෝදිසි මෙහෙයුම් නතර කිරීමටයි තීරණය කර ඇත්තේ.
කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි නිවසක් හා රොටී කඩයක් මතට විශාල ගලක් සමඟ පස් කන්දක් අද (22) පෙරවරු 8.45 ට පමණ කඩා වැටීමෙන් මෙම විශාල අනතුර සිදුවිය.
