වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය පද්ධතියේ ගැටලුවලට ඉදිරිපත් කළ විසඳුම් ප්‍රකාශයට පත් කිරීමට වගකිව යුත්තන්ට පැය 48 ක කාලයක් ලබා දීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර යි .
ඒ අනුව, එසේ පැය 48 ක් තුළ විසඳුම් ලබා දීමට නොහැකි වුවහොත්, 26 වන දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී වෘත්තීය ක්‍රියාමාර්ගයක් වෙත යොමු වීමට තීරණය කිරීමට නියමිත බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරන්නේ.
ජනාධිපතිවරයා, සෞඛ්‍ය ඇමති ඇතුළු වගකිව යුත්තන් විසින් වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය පද්ධතියේ ගැටලු විසඳීම වෙනුවෙන් නිශ්චිත කාල රාමුවක් සහිත විසඳුම් මාලාවක් ප්‍රකාශයට පත් කිරීම තුළ වර්තමානයේ සෞඛ්‍ය පද්ධතිය තුළ උද්ගත වී ඇති ගැටලුකාරී තත්ත්වය විසඳීමට වහාම මැදිහත් විය යුතු බවට තම සංගමය විශ්වාස කරන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
එ

