ජාතික ජන බලවේගයට (NPP) බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 වසර සඳහා වන අයවැය ලේඛනයඊයේ (24) උදෑසන දෙවන වරටත් වැඩි ඡන්ද හතරකින් (04) පරාජයට පත් විය.
කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හර්ෂ රත්නායක විසින් කිසිදු සංශෝධනයකින් තොරව මෙම අයවැය ලේඛනය දෙවන වර කියවීම සඳහා සභාවට ඉදිරිපත් කර ඇති බවයි වාර්තාවන්නේ . .
එහිදී අයවැයට පක්ෂව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හය දෙනා ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් දස දෙනෙකු විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් අයවැය පරාජයට පත් වී තිබේ.
