Spread the love

නිමල් රාජපක්ෂ

පුත්තලම  ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස රැගෙනවිත් ප්‍රවාහනය කිරිමට සූදානම් කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය අනූ නවයක (699) පමණ තොගයක් සමඟ කැබ් රථයක් (01) සහ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නී  ආයතනය මඟින් පුත්තලම, නගරයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු කැබ් රථයක් (01) පරීක්‍ෂාවට ලක් කෙරිණි. .

තවද, මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා (02), බීඩි කොළ තොගය සහ කැබ් රථය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.