නිමල් රාජපක්ෂ
අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි වැලි මාර්ගයේ දුම්රියට ගස් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා සිදුවී ඇත.
නාරාහේන්පිට දුම්රිය ස්ථානය හා බේස්ලයින් පාර දුම්රිය ස්ථානය අතර දුම්රිය මාර්ගයේ ස්ථාන දෙකක ගස් කඩා වැටීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට මෙසේ බාධා මතුව ඇත.
මාර්ග හා කර්මාන්ත අංශයේ සේවකයින් මේ වනවිට ගස් කාපා ඉවත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
