Spread the love


නිමල් රාජපක්ෂ -.

මුහුදු බඩ මාර්ගයේ ධාවන වන දුම්රියන්ගේ දුම්රිය මැදිරියේ ඇති වැසිකිලිවල සවිකර තිබෙන රුපියල් හාරලක්ෂයක් වටිනා ඇලුමිනියම් පටි(ලුවර්) ගලවමින් සිටි සැකකරුවකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් ඊයේ (26) අළුයම අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා අළුයම .4.15 මරදාන දුමරිය ස්ථානයෙන් වාද්දුව බලා ධාවන වු අංක 710 දරණ දුම්රියෙණි.

අදාල සැකකරු අළුයම .4.50 ට පමණ මොරටුව දුම්රිය ස්ථානයෙන් බෑගයක් රැගෙන දුම්රිය ගොඩවී ඇත. දුම්රිය ගමන් ආරම්භ කර ටික දුරක් යද්දී බෑගයෙන් කපන කටුවක් හා මිටියක් රැගෙන අලුමිනියම් පටි ගලවද්දී සිවිල් ඇදුමින් සැරසී සිටි දුම්රිය ආරක්ෂක නිලධාරින් අදාල සැකකරු අත්අඩංගුවට ඟෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩි දුර පරික්ෂණ පැවැත්වීම සදහා කපන කටුව , මිටිය සමගින් මොරටුව පොලිසියට බාරදී තිිබේ.

දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත,දුම්රිය මුලස්ථානයේ සහකාර අධිකාරීවරුන්වන තිලක් විජේරත්න, ඊ.එම්.යු.ජේ ඒකනායක , කොටුව සහකාර අධිකාරී එන් .පී. ජයන්ත , දුම්රිය ආරක්ෂක හමුදාවේ අපරාධ අංශයේ ස්ථානාධිපති වසන්ත කුමාරසිරි යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ.