දේවින්ද පිණිදිය
අයහපත් කාලගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන්, අමිතිරිගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මඟින් වෛද්‍ය සායනයක්, අවිස්සාවේල්ල ගුරුගල්ල කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්වුහ.
එහිදී වෛද්‍ය සායනය වෙනුවෙන් සහ එම ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර ලබාදීම සඳහා එහිදී නාවික හමුදාවේ සහය ලබාදීම සිදුකෙරිණි.
