Spread the love

නිමල් රාජපක්ෂ

ආපදාවෙන් විපතට පත් ජනතාව රැදී සිටින මාතලේ, කූඹියන්ගොඩ ශ්‍රී විද්‍යාශේඛර විහාරස්ථානය වෙත අද (06) පස්වරුවේ ගිය ජනාධිපතිවරයා එම ජනතාව සමග කථා බහක නිරත වෙමින් ඔවුන්ගේ තොරතුරු විමසා බැලීය

මෙහිදී එම ජනතාව තමන්ගේ ගැටලු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ අතර පදිංචිය සඳහා වෙනත් ස්ථානවල ඉඩම් ලබා දෙන ලෙසද ඉල්ලා සිටියහ.

අවතැන් වු ජනතාව යළි පදිංචි කිරීම් සහ වන්දි ලබාදීමට අදාළව රජය ගෙන තිබෙන තීරණ පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී ඔවුන් දැනුවත් කළේය.