Spread the love

නිමල් රාජපක්ෂ

හදිසි ආපදා තත්වයෙන් ඇතිවු ගංවතුරින් බලපෑමට ලක් වු මහනුවර අධිකරණයේ සියලු පහසුකම් කඩිනමින් ලබාදීම පිළිබදව විශේෂ සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ මහනුවර අධිකරණ සංකීර්ණයේදී පැවැති විණි.

ගංවතුර තත්වය හේතුවෙන් අධිකරණයේ විදුලි සම්බන්ධතාවය සම්පුර්ණයෙන් ඇණහිට ඇති බැවින් ප්‍රධාන විදුලි පැනලය යථාවත්වත් කරන තෙක් දින දෙකක් තුළ තාවකාලිකව විදුලිබලය ලබාදීම, අධිකරණයේ බිම් මහලේ සියලු ලේඛණාගාර ගංවතුරින් යට වු අතර, ජලගැල්මට හසුවු එම නඩු වාර්තා ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි කඩිනමින් යථා තත්වයට පත් කිරීම සම්බන්ධයෙන් හා බ්ම් මහලේ ස්ථාපිත ලේඛණාගාර සහ අධිකරණයේ පුස්තකාලය ඉහළ මහලක ස්ථාපිත කිරීමට මෙහිදී අවධානය යොමු විය.

අධිකරණ පරිශ්‍රය පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා ස්වේච්ඡා කණ්ඩායම්වල සහාය ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡා වු අතර, හදිසි ආපදා තත්වය හේතුවෙන් හානියට පත් මහනුවර අධිකරණ සංකිර්ණ පරිශ්‍රය සහ අධිකරණයේ පුස්තකාලය අධිකරණ අමාත්‍යතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

මහනුවර මහාධිකරණ, දිසා අධිකරණ සහ මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරුතුමන්ලා, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාරී ජයසිංහ, මහනුවර නීතිඥ සංගමයේ සභාපති සුනිල් වීරරත්න යන මහත්ම මහත්මීන්, නීතිඥවරුන්, අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.