Spread the love

නිමල් රාජපක්ෂ

යාපනය ඩෙල්ෆ්ට් දූපතේ වෙල්ලායි වෙරල ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන දහහතරකට අධික වටිනාකමක් ඇති ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

වෙරළ ප්‍රදේශයේ සඟවා තිබු විදේශීය කන්සා තොගයේ කංසා කිලෝ 62 ග්‍රෑම් 200 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය මඟින් සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, වෙල්ලායි වෙරල ප්‍රදේශයේ වැලි යට සඟවා තිබූ සැකකටයුතු උර දෙකක් (02) පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී එම උර තුළ තිබී විදේශීය කන්සා කිලෝ හැටදෙකයි (62) ග්‍රෑම් දෙසීයක (200) පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.එම කන්සා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.