2004 වසරේ සිදුවූ දරුණු සුනාමි ව්‍යසනය සිදු වී අද ට වසර 21 ක් බැවින් එහිදී ජීවිතක්ෂයට පත් වූ පිරිස් සිහිපත් කරමින් අද (26) පෙරවරුවේ මිනිත්තු දෙකක නිහැඬියාවක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) ජනතාවගෙන් ඉල්ලා සිටි.
සුනාමි ව්‍යසනය සිදු වූ දෙසැම්බර් 26 වන දින ශ්‍රී ලංකාව තුළ “ජාතික සුරක්ෂිත දිනය” ලෙස නම් කර තිබේ.
එම ව්‍යසනයෙන් මියගිය දහස් සංඛ්‍යාත ජනතාවට පින් පැමිණවීම සහ ගෞරව දැක්වීම සඳහා අද පෙරවරු 09:25 සිට පෙරවරු 09:27 දක්වා පුරා මිනිත්තු 02 ක කාලයක් නිහඬව සිටින ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටින්නේ.
