දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
