නිමල් රාජපක්ෂ
රුපියල් මිලියන 19 කට ආසන්න වටිනාකමක් ඇති වටිනා මැණික් හා විදේශීය සිගරට් ජාවාරම් තොගයක් රැගෙන බැංකොක් සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික මගියෙකු බන්ඩාරනායක ජාත්‍යත්තර ගුවන්තොටුපල රේගු නිලධාරීන් අත්අඩංගුවට ගනෙ ඇත.
වේයන්ගොඩ පදිංචි 35 හැවිරිදි කුලී රථ රියදුරෙකු වන සැකකරු රාත්‍රී 10.40 ට පමණ බැංකොක් හි ඩොන් මුවැන්ග් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට FD140 එයාර් ඒෂියා ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණියේය.
පරීක්ෂා කිරීමේදී, රේගු නිලධාරීන් විසින් සැකකරුගේ අත් බෑගයේ සඟවා තිබූ කැරට් 4,999.3 ක් බරැති කපා ඔප දැමූ නිල් නිල් මැණික් අඩංගු පාර්සලයක් සොයා ගන්නා ලදී. දැනට බැංකොක්හි පදිංචි බේරුවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් මැණික් ගල් මගියාට භාර දී ඇති බව විමර්ශනවලින් හෙළි විය.
මගියාගේ ගමන් මලු තවදුරටත් පරීක්ෂා කිරීමේදී ගමන් මලු දෙකක සඟවා තිබූ විදේශීය වෙළඳ නාම සිගරට් පෙට්ටි 130 ක් සහ ඊ-සිගරට් 20 ක් සොයා ගැනීමට හැකි විය.
රේගු පරීක්ෂණයකින් පසුව, රේගු ආඥා පනතේ විධිවිධාන යටතේ සියලුම ප්‍රකාශ නොකළ භාණ්ඩ රාජසන්තක කරන ලදී. ඊට අමතරව, සැකකරුට රුපියල් මිලියනයක ලිහිල් රාජසන්තක දඩයක් නියම කරන ලදී.
ශ්‍රී ලංකා රේගුව ජාවාරම් කටයුතු වැළැක්වීම සහ ජාතික ආදායම ආරක්ෂා කිරීම සඳහා තම කැපවීම නැවත අවධාරණය කරයි.
