නිමල් රාජපක්ෂ
බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වු සාගරිකා කාර්යාල සීඝ්‍රගාමී කාර්යාල දුමරියේ අද (19) පෙරවරුවේ සිදු කළ ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදි තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන 2 වන පංතියේ ගමන් කල මගින් 40 දෙනෙකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රවේශපත්‍ර පරික්ෂාව රත්මලාන දුම්රිය ස්ථායෙන් සිට බම්බලපිටිය දක්වා දුම්රිය තුළ සිදු කලහ . එහිදි දෙවන පංතියේ මැදිරි හතරකින් කොටුකර ගත් මගීන් 40 දෙනාගෙන් ඒ මොහොතේම 18 දෙනෙකුගෙන් රුපියල් 57700/ දඩ මුදලක් අයකර ගත් බව කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරීවරයා පැවසුවේය.
ඉදිරි මගිීන් ඒ මොහොතේ දඩ මුදල් ගෙවිමට නොහැකි බැවින් ඇපකර තබාගොස් තිබේ.
මින් ඉදිරියට දිගින් දිගටම දුම්රිය යන් තුළ ප්‍රවේශපත්‍ර පරික්ෂාවන් සිදු කරන අතර දුම්රියේ හොරට ගමන් කරන්නන්ට හා තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර පත්‍ර ලබාගෙන ඉහළ පංතියේ ගමන් ගන්නා මගීන්හට කිසිදු සමාවක් නොදෙන බවත් දුම්රිය ආරක්ෂක නිලධාරීහු පවසයි.
දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න , සහකාර අධිකාරි ජී.ඩබ්ලිව් සුමිත් යන මහත්වරුන්ගේ උපදෙස් මත , කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරී පාලිත පුෂ්ප කුමාර මහතාගේ මෙහෙය වීමෙන් , කොටුව, දුම්රිය මුලස්ථානය , මරදාන , අමාත්‍යංශය, මාලිගාවත්ත 2 කලාපය ,යන ස්ථානවල දුම්රිය ආරක්ෂක නිලධාරීන් හා නිලධාරීනියන් 22 කගේ සහභාගිත්වයෙන් මෙම වැටලිම සිදු කළහ
