Spread the love

නිමල් රාජපක්ෂ

Northern Investment Summit 2026 (NIS26) ඊයේ ( 21) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය තිරුවල්ලුවාර් සංස්කෘතික මධ්‍යස්ථානයේදී ආරම්භ විය. 21, 22 දෙදින පුරා පැවැත්වීමට නියමිත උතුරු ආයෝජන සමුළුව උතුරු පළාත තුල ඇති ආයෝජන අවස්ථා පිළිබඳව දේශීය සහ විදේශීය අයෝජකයන් දැනුවත් කිරීම සහ ප්‍රවර්ධනය කිරීම, උතුරු පළාත තුළින් දේශීය ආර්ථිකයට ඇති දායකත්වය වැඩි කිරීම, උතුරු පළාත තුළ රැකියා අවස්ථා ඇතිකිරීම සහ තරුණ, කාන්තා ව්‍යවසායකන් දිරිගැන්වීම අරමුණු කොටගෙන පැවැත්වෙයි.

මෙම සමුළුව බලගන්වනු ලබන්නේ The Management Club සංවිධානය වන අතර කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය, යාපනයේ ඉන්දියානු කොන්සල් ජනරාල් කාර්‍යාලය, උතුරු පළාත් සභාව, ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, සංචාරක ප්‍රවර්ධන කාර්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික සංවිධාන රැසක් මෙම සමුළුවේ අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරයි.

වීඩියෝව නරඹන්න

මෙම සමුළුවේ සමාරම්භක උළෙල ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරම් මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ජී. ඒ. සපුතන්ත්‍රි මහතා, මුදල් අමාත්‍යංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා, යාපනයේ ඉන්දියානු කොන්සල් ජනරාල් ශ්‍රී සායි මුරලි මහතා, උතුරු පලාත් ආණ්ඩුකාර නාගලින්ගම් වෙදනායගම් මහතා ඇතුළු රාජ්‍ය නිළධාරින්, තානපතිවරුන් සහ ආයෝජකයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුනි.