නිමල් රාජපක්ෂ-
තණමල්විල ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය වයින් නිෂ්පාදනාගාරයක් වටලා වයින් මිලි ලීටර් 7.25.000 අඩංගු වයින් පීප්ප හතරක් සමගින් එක් සැකකරුවකු කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන ඇත.
අදාල පුද්ගලයා වයින් නිෂ්පාදනය සදහා බලපත්‍රයක් ලබා දෙන ලෙස සුරාබදු දෙපාර්තුමේන්තුවෙන් ඉල්ලා සිටියද නිත්‍යාණුකූල ලෙස අවශ්‍යතා නිකුත් කර නොමැති කමින් බලපත්‍රයක් සුරාබදු දෙපාර්තුමේන්තුව මගින් ලබා දී නොමැත.
නමුත් අදාල පුද්ගලයා නීති විරෝධි ලෙස වයින් නිෂ්පාදනය සිදු කරමින් පවතින බවට ලද තොරතුරකට අනුව එම් ස්ථානය වටලා සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයාගේ උපදෙස් මත මුදා තැබීමට සුරාබදු නිලධාරින් පියවර ගෙත තිබේ.
ඉදිරියේදි ආදල වයින් නිෂ්පාදකයා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
වීඩියෝව නරඹන්න
සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ පේමරත්න මහතාගේ උපදෙස් මත,නියෝජ්‍ය සුරාබදු කොමසාරින් නීති ක්‍රියාත්මක කිරීම් තිස්ස කුමාර රාජපක්ෂ , දීප ව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම ඒකකයේ අධිකාරී පී.එන් හේමන්ත යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් , දීප ව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක නීල් ඒකනායක මහතාගේ මෙහෙයවීමෙන් , පරීක්ෂක ලක්මාල් සේනානායක , කෝප්‍රල්වරුන්වන ජීවන්ත, ගිහාන් සේනාරත්න,නියාමක වරුන්වන කුමාර,සුපුන්, යන නිලධාරිහු මෙම වැටලීම සිදු කළහ.
