ඉන්දියාවේ සිට වැඩම කරවනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.
2026 පෙබරවාරි 04 වන දින දිවයිනට වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේ, පෙබරවාරි 05 වන දින උදෑසන 06:00 සිට පෙබරවාරි 11 වන දින පෙරවරු 07:00 දක්වා මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා අවස්ථාව හිමිවනු ඇති.
ප්‍රදර්ශන කාලසීමාව තුළ ජිනරතන මාවත, හුණුපිටිය වැව පාර හන්දිය, ලේක් ක්‍රසන්ට් හන්දිය සහ පාර්ක් වීදිය දෙසින් විහාරස්ථානයට ඇතුළු වන මාර්ග ඇතුළු ස්ථාන කිහිපයක් වසා තැබෙන බව පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය සහ සිතියම් පහතින්,





