කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල කළාපයට අයත් බැමිණිවත්ත පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා අද (09) පෙරවරුවේ පැමිණියහ.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන ‘Vision’ වැඩසටහන් මාලාවට සමගාමීව එම විදුහලට මෙම අවස්ථාව හිමි විය.
ජනාධිපති කාර්යාලයීය පැරැණි පාර්ලිමේන්තුව නැරඹීමෙන් පසු පාර්ලිමේන්තු ඉතිහාසය පිළිබඳ සිසුන් දැනුවත් කිරීමද සිදු කෙරිණි.
ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ජනතාව වෙත ලබා දී ඇති පහසුකම් සහ ඩිජිටල්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීම ජනාධිපති අරමුදලේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා විසින් මෙහිදී සිදු කරන ලදී.
එමෙන්ම, විද්‍යාලයේ පුස්ථකාලය සඳහා පොත් මිළදී ගැනීමට ජනාධිපති අරමුදල මඟින් රුපියල් ලක්ෂයක ප්‍රදානයක්ද පිළිගැන්විණි.
රජයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන Clean Sri Lanka වැඩසටහන පිළිබඳවද එම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුම්වත් කිරීම මෙහිදී සිදු කෙරිණි.
පරිසරය සුරැකීමේ අගය සංකේතාත්මකව පෙන්වා දෙමින් පාසල වෙත වටිනා පැළයක් ප්‍රදානය කිරීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ.එම්.එන්. කුමාරසිංහ මහතා අතින් සිදු විය.
එමෙන්ම මෙම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්හට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සුහද පිළිසඳරක නිරත වීමටද මෙහිදී අවස්ථාව උදා විය.
