-නිමල් රාජපක්ෂ
පසුගිය රජයන් විසින් ජනතාව අයත් ඔවුන් පදිංචිව සිටි ඉඩම් සහ නිවාස රාජ්‍ය බලය යොදා පවරාගෙන ඒ වෙනුවට ඔවුනට ජීවත් වීමට පහසුකමක් නැති අපායවල් වැනි නිවාස ව්‍යාපෘති ලබාදී ඇති බවත් කායික මානසික පීඩා විඳිමින් එම පරිශ්‍රවල දුක් විඳින ජනතාවට ඉක්මන් ක්‍රමවේදයක් තුලින් සුරක්ෂිත දිවිපෙවතක් ගතකිරීමට අවකාශ සලසා දෙන බවත් නාගරික සංවර්ධන නියෝඡ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කලේය.!
අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ කොළඹ 2 මැලේවීදිය මෙට්‍රො හෝම්ස් නිවාස සංකීර්ණයේ දිගුකාලීනව පවතින අඩුපාඩු සොයා බලා විසඳුම් ලබා දීම වෙනුවෙන් සංවිධානය කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයකට එක්වෙමිනි.
අක්කර 06 ක භූමි ප්‍රදේශයක නිවාස ඒකක 627 ක් සහ කඩකාමර 114 ක් සහිතව නිවාස පර්යන්ත 3 කින් මෙම මෙට්‍රෝ හෝම්ස් නිවාස ව්‍යාපෘතිය සමන්විතය. 2019 වසරේ සැප්තැම්බර් මස ජනතා පදිංචිය සඳහා ලබා දී ඇති මෙම නිවාස ව්‍යාපෘතිය තුල වසර 6 ක් තිස්සේ නොවිසඳුනු ගැටළු රැසක් පිලිබඳ නිවාස හිමියන් විසින් අමාත්‍යවරයා දැනුවත් කිරීම මෙහිදී සිදුවිය.
මෙන්ම පර්යන්ත වල පවතින විදුලි බිඳවැටීම් ජල කාන්දු විදුලි සෝපාන හා ගෑස් සෝපාන නඩත්තු නොකිරීම පිලිබඳව මත් උවදුර හා බැඳුනු සොර බිය හේතුවෙන් උද්ගතව ඇති ආරක්ෂක අවධානම ඇතුලු ගැටලු රැසක් පිලිබඳ අමාත්‍යවරයා හා නිවාස හිමියන් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන්විය….!
මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කලේ, ජනතාවගේ හිස් මුදුන දක්වා ප්‍රශ්න වලින් පිරී ඇති බැවින් කඩිනම් විද්‍යාත්මක ක්‍රමවේදයක් තුලින් විසඳුම් සෙවිය යුතු බවයි. එය කෙටි,මැදි,දිගුකාලීන වශයෙන් කල යුතු බවත් ඒ සඳහා කාලයක් ගතවන බවත් පැවසීය.
මේ වසර ඒ සඳහා ආරම්භයක් ලෙස ගෙන නිවාස පරිශ්‍රයේ පවතින ගැටළු නිරාකරණයට නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර දින 8ක කාලයක් තුල ඊට අදාල වාර්තාවක් සකස් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් පැවසීය…!
කමිටු නිර්දේශ මත ප්‍රමුඛතා ලයිස්තුවට අනුගතව කටයුතු කරන අතර දැනට පවතින පරිපාලන තාවකාලික කමිටු වලට අමතරව මහලින් මහල( Floor by Floor) නව කමිටු ක්‍රමයක් හඳුන්වා දී විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බවද පැවසීය.
