Spread the love

නිමල් රාජපක්ෂ
.

දේශීය කර්මාන්ත සඳහා රුකුලක් වීම අරමුණු කරගත් 2026 වර්ෂයේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ කාර්යයයේ අංගයක් ලෙස යෝජිත බදු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වූ පාර්ශවකරුවන්ගේ නියැලීම ඇරඹිණි.
කාණ්ඩ හතරක් යටතේ වන නව තීරුබදු ව්‍යුහය (four- band tariff system) සමඟ අදාළ වන තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීමේ අරමුණින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, ලෝක බැංකුව සහ අනෙකුත් අදාළ නියෝජිතායතන විසින් මෙම කාර්යය සිදුකරනු ලැබේ.

ඒ අනුව, ප්‍රතිපත්ති සංවර්ධන ක්‍රියාවලිය තුළ ප්‍රධාන පාර්ශවකරුවන් නියුක්ත කරවීම උදෙසා වෙළඳ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් දැනුවත් කිරීමේ සහ උපදේශකත්ව වැඩසටහනක් පසුගියදා පැවැත්වුය. මෙම අවස්ථාව සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ , භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම , වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ.විමලෙන්තිරරාජා , කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර , ලෝක බැංකු කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ රිචර්ඩ් වෝකර් සහ එම කණ්ඩායමේ අනෙකුත් නිලධාරීන් සහභාගි වුහ.