පොහොසත් රටක් ලස්සන ජීවිතයක්, ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් “ප්‍රජා ශක්ති” දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන යතාර්තයක් කරමින් 14007ක් වන ග්‍රාම සේවා වසම් තුල පිහිටුවා ඇති ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයත්, ප්‍රජා ශක්ති ජාතික මහලේකම් කාරයාලයත් එක්ව සංවිධාන කර ඇත.
ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයෙ (13) දින පවරුවේ අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදී පැවති මෙම සමුළුවේදී ප්‍රජා සංවර්ධන සභාවක සාමාජික වගකීම හා කාර්යභාරය පිළිබඳව ප්‍රජා සභා සභාපතිවරු හා ලේකම්වරු විශේෂ දේශන හා වීඩියෝ දර්ශන මගින් දැනුවත් කිරීමක් කළා.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ රජය ලබාගන්නා ආර්ථික ජයග්රණවල ප්රතිලාභ දිළිඳු ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා යොදවන බවයි. එමෙන්ම ඒ වෙනුවෙන් ප්‍රජා සංවර්ධ සභාවට විශාල කාර්යභාරයක් පැවරී තිබෙන බවද ඒ මහතා සඳහන් කළා. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා දිළිඳුභව තුරන් කිරීම එක් ආයතනයක, දෙපාර්තමේන්තුවක හෝ පුද්ගලයෙකුගේ වගකීමක් නොව එය ඒකාබද්ධ වැඩසටහනක් වැඩසටහන්ක් විය යුතු බවයි, ඒ වෙනුවෙන් ප්‍රජා ශක්ති වැඩසටහන ක්රියාවටනන්වා ඇති බවද ඒ මහතා සඳහන් කළා.
