නිමල් රාජපක්ෂ
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් ක්‍රියාත්මක කොළඹ නාගරික පුනර්ජීවන සහයෝගිතා වැඩසටහන යටතේ 2026 වසර තුළදී අඩු ආදායම්ලාභී, ස්ථිර නිවාස නොමැති ජනතාව සදහා නාගරික නිවාස 2,500 ක් ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස්කර කඩිනමින් ක්‍රියාත්මක කරමින් පවතින බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.
හෙතෙම මේ බව ප්‍රකාශ කලේ අද (.16) දින කොළඹ 14, සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ ඉදිවෙන ‘ස්ටේඩියම්ගම’ නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් සොයාබැලීම සදහා ක්ෂේත්‍ර පරීක්ෂාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා,
‘දැනට ජනතාව ජීවත්වෙන නාගරික නිවාස සංකීර්ණවල සැලකිව යුතු ගැටලු ප්‍රමාණයක් තිබෙනවා. ඒ්වා නිවාස වලට වඩා කූඩු බවට පත්වෙලා. නිවසක් බාරදීමේදී බිල්ඩිමක් විතරක් නොව ජීවත් විය හැකි ජනාවාසයක් ලබාදිය යුතුයි. බිල්ඩිමක් වශයෙන් නොව සමාජමය වශයෙන් වගකීම් ඉෂ්ඨ කරන වාසස්ථානයක් ලබාදීම අමාත්‍යංශය විදියට අවධානයට ලක්වෙලා තියෙනවා.
පදිංචියට පෙර ආරක්ෂාව සහ සමාජ අවශ්‍යතා, සුව පහසුව වැනි අංශ වැඩි කල හැකිදැයි අද දින සොයා බැලුවා. මෙවැනි මහල් නිවාස තුනක් මේ වසර තුළ ලබාදීමටත් ඉදිරි දෙවසර තුලදී කොළඹ නාගරික ප්‍රදේශවල ජනතාවට නව නාගරික නිවාස 7,000 ක් ලබාදීමටත් වැඩ කටයුතු කරමින් පවතිනවා.
තනි තනිව ජීවත් වූ පවුල්, මහල් නිවාස සංකීර්ණයකට පැමිණිවිට සාමූහිකව ජීවත්වීමට හැඩගැසිය යුතුයි. පොදු නීති රීති මාලාවට හුරු විය යුතුයි. ඔවුන්ගේ ප්‍රශ්නවලට සමීපව ආමන්ත්‍රණය කලහොත් පමණයි කාර්යක්ෂම බව ඇතිවෙන්නේ. රජයත් විදියට වගකීම ගන්න තමයි වැඩිපුර මැදිහත් වෙන්නේ. නීති රීතිවල යම් සංශෝධනයකට යටත්ව ඔවුන්ගේ සමාජ අවශ්‍යතාවලට ඇඩ්රස් කිරීමෙන් සාර්ථකත්වයට ළගාවිය හැකියි.’
