‘
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කාර්යාලයේ ලියාපදිංචි ගොවි සංවිධාන විසින් රුපියල් 3,746,000ක මුදලක් පරිත්‍යාග කරන ලදී.
ඊට අදාළ චෙක්පත ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සහකාර කොමසාරිස් නේසරත්තිනම් විෂ්ණුදාසන් මහතාගේ උපදෙස් මත ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී කන්දයියා නේමිනාදන් සහ දිස්ත්‍රික් ගොවි සංවිධානයේ බල මණ්ඩල සභාපති බී. පී. තක්ෂිල දේශප්‍රිය යන මහත්වරුන් විසින් අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනමන ලදී.
