Spread the love

නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව හලාවත, මුතුපන්තිය මුහුදු ප්‍රදේශයේ සහ ආරච්චිකටටුව වයිරම්කට්ටුව ප්‍රදේශයේ දී පෙරේදා( 17 ) සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී රට තුලට රැගෙන ඒමට උත්සාහ කළ සහ ප්‍රවාහනයට සූදානම්කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් හාරසිය හතකට (1407) අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ලොරි රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ, ශ්‍රී ලංකා නාවික නෞකා තම්ඹපන්නි ආයතනයට අනුයුක්ත උඩප්පුව නාවික අනුඛණ්ඩය මඟින්, හලාවත, මුතුපන්තිය මුහුදු ප්‍රදේශයේ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව සිදුකළ මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කර, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව මුතුපන්තිය වෙරළ ප්‍රදේශයේ අතහැර දමන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් හැත්තෑ එකක (1071) පමණ තොගයක් සහ ආරච්චිකට්ටුව වයිරම්කට්ටුව ප්‍රදේශයේ සිදුකල මෙහෙයුමකදී ප්‍රවාහනයට සූදානම්කර තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් තුන්සිය තිස් හයකට (336) අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ලොරි රථයක් (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදාභාරයට ගත් සැකකරුවන් අවුරුදු 44ක් සහ 46ක් වන හලාවත රාජකදළුව සහ බන්ගදෙනිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරුවන්, බීඩි කොළ තොගය සහ ලොරි රථය ඉදිරි නීතීමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.