Spread the love

සියලු‍ම ඉන්ධන පිරවුම්හල් වෙත අද උදෑසන වනවිට ඉන්ධන තොග ලැබෙනු ඇති බවත් , ඩීසල් ලීටර විසිනව ලක්ෂයකට අධික ප්‍රමාණයක් වෙළඳපොළට බෙදාහැරීමට පියවර ගෙන ඇති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පැවසුවේය.

නාරාහෙන්පිට ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ඊයේ (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මැදපෙරදිග සටන් ඇතිබැවින් ඉන්ධන පිරවුම් හල් තුළ දිගු පෝලිස් දක්කට ඇතත් , රට තුළ ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග තිබෙන බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ රජය සහතික කර ඇති බවයි පැවසුවේ.